සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
2. ධම්මචක්කප්පවත්ත වර්ගය
8. සච්ච ඤාණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම් ලත් ඉසිපතනයෙහි වාසය කරන සේක. “එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, විද්‍යාව විද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි, කුමක් නම් විද්‍යාවද? කෙතෙකින් විද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.
“මහණ, දුකෙහි යම් දැනීමක් වෙයිද දුකට හෙතුවෙහි යම් දැනීමක් වෙයිද දුක්ඛ නිරොධයෙහි යම් දැනීමක් වෙයිද දුක්ඛ නිරොධයට පැමිණෙන මාර්ගයෙහි යම් දැනීමක් වේද, මෙය විද්‍යාවයයි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාවට පැමිණියේ වෙයි.
(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)