සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

2. ධම්මචක්කප්පවත්ත වර්ගය

7. සච්ච නිඤ්ඤාණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස මිගදාය නම් ලත් ඉසිපතනයෙහි වාසයකරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය. “ස්වාමීනි, අවිද්‍යාවය අවිද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි, අවිද්‍යාව නම් කුමක්ද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේදැයි” විචාළේය.

“මහණ, දුකෙහි යම් නොදැනීමක් වෙයිද දුක්ඛ හෙතුවෙහි යම් නොදැනීමක් වේද, දුක් නැතිකිරීමෙහි යම් නොදැනීමක් වේද, දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතෙහි යම් නොදැනීමක් වේද, මහණ මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි

(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)