සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

2. ධම්මචක්කප්පවත්ත වර්ගය

10. තථාවිතථ සූත්‍රය

“මහණෙනි, තථවූ (ස්වභාවය වෙනස් නොවන්නාවූ) අවිතථවූ (ස්වභාව වශයෙන් හිස් නොවන්නාවූ) අනඤ්ඤථවූ (අන් ස්වභාවයකට නොපෙරෙළෙන්නාවූ) මේ ධර්මයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, මෙය දුකය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය, ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය.

“මහණෙනි, මෙය දුකට හෙතුවය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය. ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය.

‘මහණෙනි, මෙය දුක්ඛ නිරොධය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය ස්වභාවයෙන් හිස් නොවන්නේය. අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය.”

“මහණෙනි, මෙය දුක්ඛ නිරොධගාමිණී පටිපදාවය යන මෙය ස්වභාවය වෙනස් නොවන්නේය. ස්වභාවයෙන් හිස් නොවන්නේය, අන් ස්වභාවයකට නොපෙරළෙන්නේය. මහණෙනි, මේ වනාහි ස්වභාවය වෙනස් නොවන්නාවූ ස්වභාවයෙන් හිස් නොවන්නාවූ අන් ස්වභාවයකට නොපෙරළෙන්නාවූ ධර්ම සතර වෙත්.

(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)

ධම්මචක්කප්පවත්තනවග්ගො දුතියො.