සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

1. සමාධි වර්ගය

4. දුතිය කුලපුත්තාභිසමය සූත්‍රය

“මහණෙනි යම්කිසි අතීත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා යහපත්කොට සස්නෙහි පැවිදිව තත්වූ පරිදි අවබොධ කළාහුද, ඒ සියලුදෙන චතුස්සත්‍යය තත්වූ පරිදි අවබොධ කළහ

“මහණෙනි, යම්කිසි අනාගත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදිවූවාහු තත්වාකාරයෙන් අවබොධ කළාහුද ඒ සියලුදෙන චතුස්සත්‍යම තත්වූ පරිදි අවබොධ කරන්නාහ.

“මහණෙනි මෙකල යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදිව තත්වූ පරිදි අවබොධ කරත්ද ඒ සියලුදෙන චතුස්සත්‍යම තත්වූ පරිදි අවබොධ කරත්

(මේ ඡෙදය 3 වෙනි සූත්‍රයේ 5 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම මනාකොට සස්නෙහි පැවිදි වූවාහු තත්වූ පරිදි අවබොධ කළාහුද (මතු) අවබෝධ කරන්නාහුද (දැන්) අවබොධ කරත්ද, ඒ සියලුදෙන මේ චතුස්සත්‍යම තත්වූ පරිදි අවබොධ කරත්.

(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)