සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

6. අභි සමය වර්ගය

6. දුතිය කොලට්ඨිකොපම සූත්‍රය

“මහණෙනි, මේ මහපොළොව ඩෙබරගෙඩි පමණවූ මැටි ගුළි සතක් ඉතිරිව තිබියදී ක්ෂයවීමට යන්නේය. කෙළවරට යන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ කෙළවරට ගියාවූ ඒ මහ පොළවත් ඉතිරිවූ ඩෙබර ගෙඩි පමණවූ මැටි ගුලි සතත් යන මෙයින් කුමක් නම් අතිශයින් මහත් වන්නේද?”

“ස්වාමීනි, ක්ෂයවූ කෙළවරවූ මහ පොළවම අතිශයින් බොහෝ වන්නේය. ඉතුරුවූ ඩෙබර ඵල පමණ මැටි ගුළි සත ඉතා ස්වල්ප වෙයි. ක්ෂයවූ කෙළවරවූ මහ පොළොව හා ඉතිරිවූ ඩෙබර ඵල පමණ මැටි ගුළි සත ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙත්.