සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
6. අභි සමය වර්ගය
5. පඨම කොලට්ඨිකොපම සූත්‍රය
“මහණෙනි, පුරුෂයෙක් ඩෙබර ගෙඩි පමණ මැටි ගුලි සතක් මහපොළොව හා එකට තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මහ පොළොව හා එකට තබන ලද ඩෙබර ගෙඩි සතක් පමණවූ ඒ මැටි ගුළි සතත් මහපොළවත් යන දෙකින් කුමක් වඩා මහත්ද? ස්වාමීනි, මහ පොළොවම අතිශයින් මහත් වන්නේය. එකට තබන ලද ඩෙබර ගුළි සතක් පමණවූ මැටි ගුළි සත ඉතා කුඩාවන්නාහ. ඩෙබර ගෙඩි සතක් පමණවූ මැටි ගුළි සත මේ මහා පොළොව හා සමාන කරන කල්හි සංඛ්‍යාවකට නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙයි.