සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

6. අභි සමය වර්ගය

8. දුතිය සමුද්දඵුසිතොපම සූත්‍රය

‘මහණෙනි, මහ මුහුද දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ ඉතිරිව ක්ෂය වීමට කෙළවරවීමට යන්නේය. මහණෙනි ඒ කුමකැයි සිතන්නහුද? මහණෙනි, මහ මුහුදෙහි ක්ෂයවූ කෙළවරවූ යම් ඒ ජලයක් වෙයිද ඉතුරුවූ යම් ඒ දිය බින්දු දෙක තුනක් වෙයිද, එයින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?”

“ස්වාමීනි, මහ මුහුදෙහි යම් ඒ ජලයක් ක්ෂයවූයේද කෙළවරවූයේද එයම අතිශයින් බොහෝ වෙයි. ඉතුරුවූ දිය බින්දු දෙක තුන ස්වල්ප වෙයි. මහමුහුදෙහි ක්ෂයවූ කෙළවරවූ ජලය හා සමාන කරන කල ඉතුරුවූ දිය බින්දු දෙක තුන ගණනකටද නොපැමිණෙයි උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි”