සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

6. අභි සමය වර්ගය

9. පඨම පබ්බත සක්ඛරොපම සූත්‍රය

“මහණෙනි, පුරුෂයෙක් තෙමේ හිමාලය පර්වත රාජයාගේ සමීපයෙහි අබැට සතක් පමණවූ ගල් කැටයක් තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟින්නහුද, ඒ තබන ලද යම් ඒ අබැට සතක් පමණවූ ගල් කැටය හිමාලය පර්වත රාජයා ය යන දෙකින් කුමක් නම් අතිශයින් මහත් වෙයිද?” “ස්වමීනි, යම් ඒ හිමාලය පර්වත රාජයෙක් වේද එයම අතිශයින් මහත් වන්නේය. සමීපයෙහි තබන ලද සත් අබැටක් පමණවූ ගල් කැටය ඉතා ස්වල්ප වෙයි. හිමාලය පර්වත රාජයා හා සමාන කරන කල ළඟ තබන ලද සත් අබැටක් පමණවූ කැටගල් සංඛ්‍යාවටද නොපැමිණෙයි, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”