සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
6. අභි සමය වර්ගය
10. දුතිය පබ්බත සක්ඛරොපම සූත්‍රය
“මහණෙනි, හිමාලය පර්වතරාජයා අබැට සතක් පමණවූ ගල් කැටයක් ඉතිරිව තිබියදී ක්ෂය වීමට කෙළවර වීමට යන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයාත් ඉතිරිවූ අබඇට සතක් පමණවූ ගල් කැටයත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?”
“ස්වාමීනි, ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයාම බොහෝ වෙයි. ඉතිරිවූ අබ ඇට සතක් පමණවූ ගල්කැටය ඉතා ස්වල්පවෙතියි ක්ෂයවූ කෙළවරවූ හිමාලය පර්වත රාජයා හා සමාන කරන කල අබ ඇට සතක් පමණවූ ගල් කැටය ගණනකටද නොගැනේ. උපමාවකටද නොපැමිණේ. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”
අභිසමයවග්ගො ඡට්ඨො.