සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

8. දුතිය ආමකධඤ්ඤ වර්ගය

5. පිසුණාවාචා සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ කේළාම් කීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ කේළාම් කීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවරනම් සතරකගේද?