සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

8. දුතිය ආමකධඤ්ඤ වර්ගය

6. ඵරුසාවාචා සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ ඵරුෂවචන කීමෙන් වැළකුණාහුද, ඒ සත්වයෝම ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ ඵරුෂවචන කීමෙන් නොවැළකුණාහුද. ඒ සත්වයෝම ඉතා බොහෝවෙත්. ඊට හේතුව කවරේද යත්, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර නම් සතරකගේද යත්,