ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

6 ඡක්කනිපාතො

6.3. ඛේමා තෙරණිය ගේ ගාථා

ප්‍රිය ඛේමා, ඔයා තව ම ත් තරුණ යි. ලස්සන යි.මාත් යොවුන් තරුණයෙක්. එන්න, අපි මියුරු සංගීතරසය ලබමින් කාම සැපයේ ඇලී වාසය කරමු.

(ඒයි මාරය) නිතර රෝග හට ගන්න, වහා බිඳිලයන, මේ කුණු ශරීරය ගැන මං පිළිකුලෙන් ඉන්නෙ.ලැජ්ජාවෙන් ඉන්නෙ. කාම තණ්හාවේ මුල් පවා නැතිකරල යි මං ඉන්නෙ.

කාමයන් කියන්නෙ විස පොවපු ආයුධ වගේ දෙයක්.පංච උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්.ඔබ ඔය කාමරතිය කියන දේ මට දැන් අරතියක්.

හැම දෙයක් ගැන ම ඇති තණ්හාව නැති කරලදැම්ම. ”අවිද්‍යාව” නම් අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්ම.මාරය, අන්න ඒ විදියට යි මේ ගැන දැන ගන්ට ඕන.මාරය, මේ කරුණෙන් නැසුනේ ඔබ යි.

මෝඩ ජනතාව නැකත්වලට වැඳ වැඳ, වනාන්තරේගිනි දෙවියන් ව පුදා ගෙන සත්‍ය තත්වය නො දැක පිරිසිදුබව සොයමින් ඉන්නව.

නමුත් මං වන්දනා කරන්නෙ පුරුෂෝත්තම බුදුසමිඳාණන්ට යි. මං ශාස්තෘ ශාසනය අනුගමනය කරන,සියලූ දුකින් නිදහස් වුණ කෙනෙක්.

මේ වනාහී ඛේමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.