ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

6 ඡක්කනිපාතො

6.2. වාසෙට්ඨි තෙරණිය ගේ ගාථා

මට පුතා මළ දුක ඉවසන්ට බැරිව ගියා. මට පිස්සුහැදුණා. සිහි නැතිව ගියා. ඇෙඟ් වස්ත්‍ර පවා නැතිව ගියා.කොණ්ඩෙ කඩා ගෙන, පාරක් පාරක් ගානෙ ඇවිද ගෙනයන්ට යි මට සිද්ධ වුණේ.

කහල ගොඩවල් ගානෙ, අමු සොහොන් පිටි ගානෙ,රථ ගාල් ගානෙ තුන් අවුරුද්දක් මුළුල්ලේ ඇවිද ඇවිදගියා. බඩගින්නෙන් පිපාසෙන් දුක් වින්ඳා.

බුදු රජාණන් වහන්සේ මිථිලා නගරයට වඩින අයුරුමට ත් දැක ගන්ට ලැබුණා. නො දැමුනු සත්වයන් දමනයකරන, කිසි ම අයුරකින් බියක් නො මැති සම්බුදු සමිඳාණන්ව දැක ගන්ට ලැබුණා.

උන්වහන්සේ ව දකින කොට මට ප්‍රකෘති සිහියආව. මං ළඟට ගිහින් වන්දනා කළා. ඒ ගෞතම බුදුසමිඳාණන් මං ගැන අනුකම්පා කළා. මට දහම් දෙසුවා.

ඒ ශ්‍රී සද්ධර්මය අදහල මං බුද්ධ ශාසනේ මහණවුණා. ශාස්තෘන් වහන්සේ ගේ වචනය අනුව ජීවිතේ ගතකරපු මං ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා.

සියලූ දුක් දොම්නස් නැත්තට ම නැති වෙලා ගියා.ශෝකයෙන් හට ගන්න ඒ අරමුණු සියල්ල ම මං පිරිසිඳදැක්කා.

මේ වනාහී වාසෙට්ඨි නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.