ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
6 ඡක්කනිපාතො
6.1. පන්සීයක් පමණ තෙරණිවරුන් ගේගාථා
මේ ලෝකෙට ආවේ කොහින් ද කියල දන්නෙ ත්නෑ. මේ ලෝකෙන් යන්නෙ කොහේට ද කියල දන්නෙ ත්නෑ. එහෙම ආගිය මඟක් දන්නෙ නැතිව කොහේ ඉඳන්ආපු කෙනෙක් ගැන ද ”මගේ පුතා” කිය කියා හඬන්නෙ?
මේ ලෝකෙට ආපු හැටි දන්නෙ ත් නැති, මේලෝකෙන් යන හැටි දන්නෙ ත් නැති මේ සංසාර ගමනගැන, යම් කෙනෙක් දැන ගත්තොත් එයා ශෝක කරන්නෙනෑ. මේක සත්වයන් ගේ ස්වභාවයක් කියල අවබෝධකරගන්නවා.
ආයාචනා නො කරම යි මෙලොවට ආවේ. අනුමතනො කරද්දි ම යි මෙලොවින් යන්නෙත්. කොහේ හරිලෝකෙක ඉඳල මෙහෙ ඇවිදිල්ල ටික දවසක් ගෙවලවෙන ලෝකෙකට යනව. ආයෙම ත් එතනින් චුත වෙලාතව ලෝකෙකට යනව.
මැරුණ එක්කෙනා මෙහෙදි මිනිස් ස්වරූපයෙන්සැරසිල යන්ට ගියා. ආවේ යම් ආකාරයකින් ද ඒආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් මේ ගැන අඬන්න දෙයක් තියෙනව ද?
මං හිටියෙ දරු දුක නිසා හටගත්තු මහාවේදනාවකින්. ඒ භික්ෂුණිය මගේ හදවතේ තිබුණ දකින්ටඅසීරු ඒ දරු දුක නමැති ශෝක හුල උදුරා දැම්ම.
අද මං ඉන්නෙ ඒ ශෝක හුල උදුරල දාල. නිවිලගිහින්. තණ්හාව නැති කරගෙන. මං බුදු සමිඳාණන්, සිරිසදහම්, ආර්ය සඟරුවන යන මේ තිසරණයට ම පැමිණියා.
මේ වනාහී පන්සීයක් තෙරණිවරුන් වදාළ ගාථාවන් ය.