අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(6) 1. සචිත්ත වර්‍ගය
7. දුතිය දසසඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවණට බැස ගත්තාහු වෙත්. නිවණ අවසන්කොට ඇත්තාහු වෙත්.
කවර දසයක්ද යත්? අනිත්‍ය හැඟීම, අනාත්ම හැඟීම, මරණ හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, ඇට යන සංඥාව, පණුවන්ය යන සංඥාව, නිල්වූ යන සංඥාව, සිදුරුවූ යන සංඥාව, ඉදිමුණු යන සංඥාව, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.