අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
7. දේවතා වර්‍ගය (අනාගාමි වර්‍ගය)
4. සංඝනිකාරාම සූත්‍රය
’’මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි ඇලුනේ, සමාගමෙහි නිරතවූයේ, සමාගමට එක්වීමෙහි යෙදුනේ, පිරිසෙහි ඇලුනේ. පිරිස සමග නිරතවූයේ, පිරිස සමග එක්වීමෙහි යෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේයයි මේ කාරණය විද්‍යමානවේ. තනිව විවේකයෙහි නොඇලෙන්නේ, සිතට අරමුණ ගන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සිතට අරමුණ නොගන්නේ, සම්‍යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සම්‍යක් දාෂ්ටිය නොපුරා. සම්‍යක් සමාධිය පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සම්‍යක් සමාධිය නොපුරා. සංයෝජන (බැමි) දුරුකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සංයෝජනයන් දුරු නොකොට නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
’’මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි නොඇලුනේ, සමාගමෙහි නිරත නොවූයේ, සමාගමට එක්වීමෙහි නොයෙදුනේ, පිරිසෙහි නොඇලුනේ. පිරිස සමග නිරත නොවූයේ, පිරිස සමග එක්වීමෙහි නොයෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ. තනිව විවේකයෙහි ඇලෙන්නේ, සිතට නිමිත්ත ගන්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ. සිතට නිමිත්ත නොගන්නේ, සම්‍යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ. සම්‍යක් දාෂ්ටිය නොපුරා. සම්‍යක් සමාධිය පුරන්නේය යන මේ කරුණ විද්‍යමාන නොවේ. සම්‍යක් සමාධිය නොපුරා. සංයෝජනයන් දුරුකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සංයෝජනයන් දුරු නොකර නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
’’මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි ඇලුනේ, සමාගමෙහි නිරත වූයේ, සමාගමට එක්වීමෙහි යෙදුනේ, පිරිසෙහි ඇලුනේ. පිරිස සමග නිරත වූයේ, පිරිස සමග එක්වීමෙහි යෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. තනිව විවේකයෙහි ඇලෙන්නේ, සිතට නිමිත්ත ගන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. සිතට නිමිත්ත නොගන්නේ, සම්‍යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. සම්‍යක් දාෂ්ටිය නොපුරා. සම්‍යක් සමාධිය පුරන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. සම්‍යක් සමාධිය නොපුරා. සංයෝජනයන් දුරුකරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. සංයෝජනයන් දුරු නොකර නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.