අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
7. දේවතා වර්‍ගය (අනාගාමි වර්‍ගය)
10. කාමවිතක්කාදී සූත්‍රය
’’මහණෙනි, කරුණු සයක් දුරුනොකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය.
’’කවර සයක්ද? කාමයන් ගැන කල්පනා කිරීම, නපුරු අදහස් කල්පනා කිරිම, හිංසා කිරීමේ අදහස් කල්පනා කිරිම, කාම සංඥාව, ව්‍යාපාද සංඥාව. විහිංසා සංඥාව, යන සය වෙති.
’’මහණෙනි, ධර්ම සයක් දුරුකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
’’කවර සයක්ද? කාමයන් ගැන කල්පනා කිරීම, නපුරු අදහස් කල්පනා කිරිම, හිංසා කිරීමේ අදහස් කල්පනා කිරිම, කාම සංඥාව, ව්‍යාපාද සංඥාව. විහිංසා සංඥාව, යන මේ සය වෙති. මහණෙනි, ධර්ම සයක් දුරුකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
සත්වන දේවතා වර්ගය නිමි.