අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(8) 3. යමක වර්‍ගය

9. සෙඛපරිහානි සූත්‍රය

’’මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට පිරිහීම පිණිස පවතී.

’’කවර අටක්ද යත්? කටයුතුවල ඇලී සිටීමය. කථාවෙහි ඇලී සිටීමය, නින්දෙහි ඇලී සිටීමය. කාණ්ඩ ගැසීමෙහි ඇලී සිටීමය, ඉඳුරන්හි දොර නොරක්නා ලද බවය. අහරෙහි පමණ නොදන්නා බවය. සම්බන්‍ධයන්හි ඇලී සිටීමය, පමාවෙහි ඇලී සිටීමය. මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට පිරිහීම පිණිස පවතී.

’’මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට නොපිරිහීම පිණිස පවතී.

’’කවර අටක්ද යත්? කටයුතුවල ඇලී නොසිටීමය. කථාවෙහි ඇලී නොසිටීමය, නින්දෙහි ඇලී නොසිටීමය. කාණ්ඩ ගැසීමෙහි ඇලී නොසිටීමය, ඉඳුරන්හි රක්නා ලද දොර ඇති බවය. අහරෙහි පමණ දන්නා බවය. සම්බන්‍ධයන්හි නොඇලීමය, ප්‍රමාදයෙහි නොඇලීමය. මහණෙනි, මේ කරුණු අට හික්මෙන (රහත් නොවූ) භික්‍ෂුහට නොපිරිහීම පිණිස පවතී.