සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
4. නීවරණ වර්ගය
10. නීවරණ අන්ධකරණ සූත්‍රය
“මහණෙනි, අන්ධභාවය ඇති කරන්නාවූ, නුවණැස නැති කරන්නාවූ, අඥාන බව ඇති කරන්නාවූ, ප්‍රඥාව නැති කරන්නාවූ, දුක්ඛ පාක්ෂිකවූ, නිවන් පිණිස නොපවත්නාවූ මේ නීවරණ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. ඒ පස කවරේදයත්?
“මහණෙනි, කාමච්ඡන්ද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥාන බව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නො පවතින්නකි.
“මහණෙනි, ව්‍යාපාද නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැති කරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි.
“මහණෙනි, ථිනමිද්ධ නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි.
“මහණෙනි, උද්ධච්චකුක්කුච්ච නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැතිකරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛපාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි.
“මහණෙනි, විචිකිච්ඡා නීවරණය අන්ධභාවය ඇතිකරන්නකි. නුවණැස නැති කරන්නකි. අඥානබව ඇතිකරන්නකි. ප්‍රඥාව දුරුකරන්නකි. දුක්ඛ පාක්ෂිකය. නිවන් පිණිස නොපවතින්නකි.
“මහණෙනි, මේ නීවරණයෝ පස්දෙන වනාහි අන්ධභාවය ඇතිකරන, නුවණැස නැති කරන, අඥානබව ඇතිකරන ප්‍රඥාව නැතිකරන දුක්ඛපාක්ෂිකවූ නිවන් පිණිස නොපවත්නාවූ ධර්මයෝවෙති.
“මහණෙනි, නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන ප්‍රඥාව දියුණුකරන, දුක්ඛ පාක්ෂිකනොවූ නිවන් පිණිස පවත්නාවූ මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙත්. ඒ සත කවරේදයත්;
“මහණෙනි, සති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, ධම්මවිචය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, විරිය සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, පීති සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, පස්සද්ධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂිකනොවූ, නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, සමාධි සම්බොජ්ඣංගය නුවණැස ඇතිකරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගය නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන්පිණිස පවතින ධර්මයකි.
“මහණෙනි, මේ බොධ්‍යාංගයෝ සත්දෙන නුවණැස ඇති කරන, ඥානය ඇතිකරන, ප්‍රඥාව දියුණුකරන, දුක්ඛපාක්ෂික නොවූ නිවන් පිණිස පවතින ධර්මයෝ වෙත්යයි” වදාළසේක.
සතරවෙනි නීවරණ වර්ගය නිමි.