සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
3. කොටිගාම වර්ගය
4. යථාභූත අරහන්ත සූත්‍රය
මහණෙනි, අතීතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ ඇති සැටි අවබොධ කළාහුද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇතිසැටියෙන් අවබොධ කළාහුය. මහණෙනි, අනාගතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ තත්වූ පරිදි අවබොධ කරන්නාහුද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇති සැටි අවබොධ කරන්නාහුය. මහණෙනි, මේ කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ තත්වූ පරිදි අවබොධ කරත්ද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි අවබොධ කරත්.
(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)
(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)