ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

26. ථොමක වග්ග

3. චිතකපූජක ථෙරාපදානය

’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස් මරුන් දිනූ ආනන්‍ද නම් සම්බුදු රජ තෙමේ අමනුෂ්‍ය පරිගෘහිත වනයෙහි පිරිනිවන් පා වදාළ සේක.

’’මම එකල්හි දෙව්ලොවින් මෙහි පැමිණ, චිතකයක් කොට (එම බුද්‍ධ ශරීරය) දැවීමි. සත්කාරද කෙළෙමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

චිතකපූජකත්ථෙරස්සාපදානං තතියං.