ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
26. ථොමක වග්ග
4. තිචම්පක ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි චිතක නම් පර්‍වතයෙක් විය. එම පර්‍වතය මධ්‍යයෙහි වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම වෙසෙයි.
’’උන්වහන්සේගේ සන්සුන්බව දැක පැහැදි සිතින් සපුමල් තුනක් ගෙන විසිරවීමි. (පිදීමි.)
’’මම එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිචම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිචම්පකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.