ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
26. ථොමක වග්ග
5. සත්ත පාටලිය ථෙරාපදානය
’’පර්වතාන්තරයෙහි වැඩහුන්නාවූ, පිපුණු කිණිහිරි රුකක් මෙන් බබලන බුදුරජුන්හට පළොල් මල් සතක් පිදීමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත් පාටලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සත්තපාටලියත්ථෙරස්සාපදානං පඤ්චමං.