ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
26. ථොමක වග්ග
6. උපාහනදායක ථෙරාපදානය
’’එකල්හි චන්‍දන නම් බුද්‍ධපුත්‍රයෙක් විය. මා විසින් උන්වහන්සේට එක් පාවහන් සඟලක් දුනිමි. (දීමෙන් පැතීමි. එම්බා පාවහන් සඟල, ’’ඔබ මා (ශ්‍රාවක) බෝධියට පමුණුවන්නෙහිය’’ කියායි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පාවහන් දෙකක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාවහන් දනෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාහනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උපාහනදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.