ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
30. චිතකපූජක වග්ග
10. අනුසංසාවක ථෙරාපදානය
’’මම පිඬු පිණිස හැසිරෙන්නාවූ විපස්සී බුදුරජුන් දුටිමි. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති (එම බුදුරජුන්හට) සැන්දක් පමණවූ භික්‍ෂාව දුනිමි.
’’මම එකල්හි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ වැන්දෙමි. උත්තමාර්ත්‍ථයවූ නිවනට පැමිණීම පිණිස බුදුරජුන්හට පැසසීමි.
’’මින් එක් අනූවන කපෙහි මම බුදුරජුන්හට පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැසසීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අනුසංසාවකත්ථෙරස්සාපදානං දසමං.
චිතකපූජකවග්ගො තිංසතිමො.
කණිකාරවග්ගදසකං.
තතියසතකං සමත්තං.