ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
30. චිතකපූජක වග්ග
9. අම්බපිණ්ඩිය ථෙරාපදානය
’’මම (එකල්හි) නම්න් රොමස නම් වීමි. ’’දානවං’’ යයිද ප්‍රසිද්ධ වූයේ වෙමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹ ගෙඩියක් දෙන ලදී.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. අඹ දනෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අම්බපිණ්ඩියත්ථෙරස්සාපදානං නවමං.