ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
30. චිතකපූජක වග්ග
8. සරණගමණීය ථෙරාපදානය
’’මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, විපස්සී බුදුරජුන් දිටිමි.
’’මම සම්බුදු රජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි. විපදෝත්තමවූ, තාදි ගුණ ඇති බුදුරජුන්ගේ සරණද ගියෙමි.
’’මින් එක් අනූවන කපෙහි බුදුරජුන් සරණකොට ගියෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සරණාගමනයෙහි විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සරණගමනියත්ථෙරස්සාපදානං අට්ඨමං.