ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

31. පදුම කෙසර වග්ග

2. සබ්බගන්ධිය ථෙරාපදානය

’’විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. එසේම කාය වඞ්කාදියෙන් තොර බැවින් ඎජුවූ උන්වහන්සේට උතුම් කොසෙය්‍ය වස්ත්‍රයක්ද දුනිමි.

’’මින් එක් අනූවන කපෙහි වූ ඒ අතිතයෙහි යම් වස්ත්‍ර දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගන්‍ධ දානයෙහි මේ විපාකයයි.

’’මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ’’සුචල’’ නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්ධිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සබ්බගන්ධියත්ථෙරස්සාපදානං දුතියං.