ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
31. පදුම කෙසර වග්ග
3. පරමන්නදායක ථෙරාපදානය
’’කිනිහිරි රුකක් මෙන්ද, උදාවන හිරු මෙන්ද, බබලන ලෝක ජෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, විපස්සී බුදුරජුන් දිටිමි.
’’මම ඇඳිලි බැඳ (එම බුදුරජුන්) සිය ගෙදොරට වැඩමවීමි. වැඩමවා සම්බුදු රජුන්හට උතුම් ආහාර දුනිමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි උතුම් ආහාර දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උතුම් ආහාර දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරමන්නදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පරමන්නදායකත්ථෙරස්සාපදානං තතියං.