ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
31. පදුම කෙසර වග්ග
4. ධම්මසඤ්ඤක ථෙරාපදානය
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ බුදුරජුන් බෝ රුක් මුල සිටියදීම නොහොත් බුදුරජුන් බෝ රුක මුල සිටිනා කල්හි මෙන් සිතා (කරන) විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය.
’’එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරණ ලදුයේ, අභීත වචනයෙන් චතුස්සත්‍යය වදාරණ සේක.
’’විවට කළ කෙළෙස් සෙවෙනි ඇති එම බුදුරජ තෙම සංක්‍ෂිප්තවද, විස්තරවද (දහම්) දෙසමින් මහජනයා නිවනට පැමිණවිය.
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ උන්වහන්සේගේ ධර්මය අසා (එම) ශාස්තෘන් වහන්සේගේ පා වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ධර්මයක් අසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධර්‍ම ශ්‍රවණයෙහි මේ විපාකයයි.
’’මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති, පෘථිවීශ්වරවූ ’’සුතවා’’ නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ධම්මසඤ්ඤකත්ථෙරස්සාපදානං චතුත්ථං.