ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
31. පදුම කෙසර වග්ග
5. ඵලදායක ථෙරාපදානය
’’එකල්හි භාගිරථි නදී තීරයෙහි අසපුවක් විය. මම පලතුරු ගත් අත් ඇත්තේ, බලාපොරොත්තු සහිත වූයේ, එම අසපුවට ගියෙමි.
’’එහිදී පීත වර්‍ණ රැස් ඇති, (උදාවන) හිරු මෙන් (බබලන්නාවූ) විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්ගයක් වීද, ඒ සියළු ඵල මම බුදුරජුන්හට දුනිමි.
’’ මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ඵලදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.