ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
31. පදුම කෙසර වග්ග
6. සම්පසාදක ථෙරාපදානය
’’බුද්ධ වීරයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. (ඔබ) සියලු ස්කන්ධ, ධාතු, ආයතනයන්ගෙන් මිදුනේ වෙහිය. මම දුකට පැමිණියේ වෙමි. ඒ මට පිහිටවනු මැනව.
’’ලෝකයෙහි අනූපම පුද්ගලවූ සිද්ධාර්ත්‍ථ බුදුරජ තෙමේ ඕහට මෙසේ වදාළ සේක. සඞ්ඝ තෙමේ මහ සයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේය. අපමණ ගුණ ඇත්තේය. අනුත්තරවූ ගුණ ඇත්තේය.
’’අනන්ත විපාක දෙන්නාවූ (කෙළෙස්) රජස් සහිත (පුණ්‍ය) ක්‍ෂෙත්‍රවූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නමැති මහ බිජුවටද රෝපණය කළ මැනව’’ කියායි.
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ සර්‍වඥ තෙමේ මෙය වදාරා, මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගාහ.
’’නර ශ්‍රේෂ්ඨවූ බුදුරජුන් වැඩමවූ නොබෝ වේලාවකින් මම මරණයට පැමිණියේ තුසිතයෙහි ඉපදුනිමි.
’’එකල්හි මම (කෙළෙස්) රජස් විරහිත, අනන්ත ඵල දායකවූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැහැදීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සම්පසාදකත්ථෙරස්සාපදානං ඡට්ඨං.