ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
31. පදුම කෙසර වග්ග
7. ආරාමදායක ථෙරාපදානය
’’මා විසින් සිදුහත් බුදුරජුන්හට ආරාමයන් රෝපනය කරණ ලදී. රුක් සෙවන වැඩෙන කල්හි පක්‍ෂීන් (කැදලිවලට වී) සන්සුන් වන කල්හි (සවස් කල්හි)
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ (කෙළෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි. (දැක) ලෝකජ්‍යේෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ බුදුරජුන්හට අරම පිළිගැන්වීමි.
’’මම සතුටුවූයේ, සතුටු සිතින්ම, ගෙඩිද, මල්ද, (උන්වහන්සේට) පිදීමි. ඉක්බිති හටගත් ප්‍රසාදයද එම වන (ආරාම)යද වර්ධනය කෙළෙමි.
’’පැහැදි සිතින් බුදුරජුන්හට යම් මේ ආරාම දානයක් දුනිම්ද , (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට ඵල වර්ග නොහොත් එම කුශල ඵලය උපදී.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ආරාම දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ආරාම දානයාගේ මේ විපාකයයි.
’’මෙයින් තිස්පස්වන කපෙහි සත් රුවනින් යුත් මුදුසීතල නම් සක්විති රජ වූහ.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරාමදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ආරාමදායකත්ථෙරස්සාපදානං සත්තමං.