ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
31. පදුම කෙසර වග්ග
8. අනුලෙපදායක ථෙරාපදානය
’’මම අත්ථදස්සී බුදු රජුන්ගේ ශ්‍රාවකයෙක් දුටිමි. සීමාවක තවකම් කරද්දී මම එතනට එළඹියෙමි.
’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, නිරුත්තරවූ, පුණ්‍යක්‍ෂෙත්‍ර සංඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් නව කර්‍ම නිමි කල්හි මම එහි සුණු ආලේප කෙළෙමි.
’’මින් එක් දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුද්‍ධාලේපන) කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අනුලේප දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අනුලෙපදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.