ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
31. පදුම කෙසර වග්ග
9. බුද්‍ධ සඤ්ඤක ථෙරාපදානය
’’සියක් රැස් ඇති, පීත වර්‍ණ රශ්මියෙන් යුත්, උදාවන හිරු වැනි වනයට පිවිසි ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් සිහිනෙන් දුටිමි. මම එහි (බුද්‍ධාළම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ කල්හි යම් බුද්‍ධාරම්මනයක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවෙහි (බුද්‍ධාළම්බන ප්‍රීතියෙහි) මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං නවමං.