ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
31. පදුම කෙසර වග්ග
10. පබ්භාරදායක ථෙරාපදානය
’’මා විසින් සිදුහත් බුදුරජුන්හට ගිරි ගුහාවක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභෝගය පිණිස (පැන්) කළයක්ද එලවා තැබීමි.
’’මහාමුනිවූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළ සේක. (කෙසේදයත්?) දහසක් කොටස් බෙදුම් ඇති, සියයක් ගෝලාකාර මුදුන් ඇති ධජයන්ගෙන් යුත්, කොළවන්වූ ඒ මහා ප්‍රාසාදයද, අපමණවූ රුවන්ද නිපදින්නේය කියායි. (මෙසේ) ගිරිගුහා දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
’’මින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත් රුවනින් යුත් ’’සුසුද්‍ධ’’ නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පබ්භාරදායකත්ථෙරස්සාපදානං දසමං.
පදුමකෙසරවග්ගො එකතිංසතිමො.