ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
32. ආරක්ඛදායක වග්ග
1. ආරක්ඛදායක ථෙරාපදානය
’’ධම්මදස්සී බුදුරජුන්හට මා විසින් වැටක් කරවන ලදී. තාදී ගුණ ඇති (එම) විපදෝත්තමයන් වහන්සේට මා විසින් ආරක්‍ෂාවද දෙන ලදී.
’’එක් දහස් අටසිවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, එම කර්‍ම විශෙෂය කරණ කොට ගෙන මාගේ (කාමාදී) ආශ්‍රව ක්‍ෂයට පැමිණියේය.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ආරක්ඛදායකත්ථෙරස්සාපදානං පඨමං.