ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
36. සද්ද සඤ්ඤක වග්ග
8. මඤ්චදායක ථෙරාපදානය
’’ලොවට දෙටුවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පහන් සිතින් සියතින්ම මා විසින් ඇඳක් දෙන ලදී.
’’එයින් හස්ති යානයන්ද, අශ්වයන්ද, දිව්‍යමය යානයන්ද ලැබීමි. එම මඤ්චදානයෙන්ම (ඇඳ දන් දීමෙන්) ආශ්‍රවක්‍ෂය (රහත් බවටද) පැමිණියේ වෙමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් මඤ්චක දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මඤ්චක දානයාගේ මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මඤ්චදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.