ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
36. සද්ද සඤ්ඤක වග්ග
7. සුපුටක පූජක ථෙරාපදානය
’’දිවා විහරණයෙන් නික්මුණු ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නේ මාගේ සමීපයට එළඹි සේක.
’’ඉක්බිති (එයින්) සතුටුවූ, සොම්නස්වූ මම, තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ලුණුගොටුවක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
’’මින් එක්අනූවන කපෙහි මම (යම්) ලුණු ගොටු දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (ලුණු) ගොටු දනෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපුටක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සුපුටකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.