ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
36. සද්ද සඤ්ඤක වග්ග
6. අම්බයාගු ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කරගත්, පස්මරුන් දිනූ සතරංසී නම් සර්‍වඥ තෙමේ සමාධියෙන් නැගිට මා වෙත පිඬු පිණිස එළඹි සේක.
’’එම පසේ බුදුන් දැක මම පිරිසිදු සිතින් යුත් උන්වහන්සේට පැහැදි සිතින්ම අඹ කැඳක් දුනිමි.
’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඹ කැඳ පිදීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගු තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අම්බයාගුදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.