ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
36. සද්ද සඤ්ඤක වග්ග
5. දණ්ඩදායක ථෙරාපදානය
’’එකල්හි මම වනයට වැද හුණලීයක් කපා එල්බෙන දණ්ඩක් (සැරයටියක්) සංඝයාට දුනිමි.
’’එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මනා ව්‍රත ඇති සංඝයා මැද සැරයටියද දී උතුරු දිගට මුහුණලා ගියෙමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් සැරයටි දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සැරයටි දනෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
දණ්ඩදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.