ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

36. සද්ද සඤ්ඤක වග්ග

4. සකොටක කොරණ්ඩ දායක ථෙරාපදානය

’’සිඛී බුදුරජුන්ගේ තබන ලද පියවර දැක මම අඳුන් දිවි සම එකස්කොට (එම) ශ්‍රෙෂ්ඨ ශ්‍රීපාදය වැන්දෙමි.

’’පිපුණු කටුකරඬු රුකක් දැක (එය) කිණිති සහිතව (කඩා) පියවරෙහි (ශ්‍රීපාදයෙහි) චක්‍ර ලක්‍ෂණය පිදීමි.

’’මම තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශ්‍රීපාදය පිදීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකොටක කොරණ්ඩ දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සකොසකකොරණ්ඩදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.