ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

36. සද්ද සඤ්ඤක වග්ග

3. කිංසුක පූජක ථෙරාපදානය

’’පිපුණු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙන සිද්‍ධාත්‍ර්‍ඵ බුදුරජුන් සිහිපත්කොට (එම මල්) අහසෙහි (ගසේ තිබියදීම) (බුදුරජුන්හට) පිදීමි.

’’මින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙලෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කිංසුකපූජකත්ථෙරස්සාපදානං තතියං.