ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

38. බොධිවන්‍දක වග්ග

8. සුමනතාලවණ්ටිය ථෙරාපදානය

’’මම සමන් මල්වලින් මසා කළ මාහැඟි විජිනිපතක් දරමි. මම එම විජිනිපත සිද්‍ධාර්ත්‍ථ භාගයවතුන් වහන්සේට දුනිමි.

’’මම මින් සිව් අනූවන කපෙහි යම් විජිනි පතක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. විජිනිපත් දනෙහි මේ විපාකයයි.

’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුමනතාලවණ්ටියත්ථෙරස්සාපදානං අට්ඨමං.