ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

38. බොධිවන්‍දක වග්ග

7. චිතක පූජක ථෙරාපදානය

’’පදුමුත්තර නම් බුදුරජුන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ ශ්‍රී දේහය) චිතකයට නැගූ කල්හි (මම) සල් මල් පිදීමි.

’’මින් ලක්‍ෂයක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.

’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

චිතකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.