ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
38. බොධිවන්‍දක වග්ග
6. ගන්‍ධමුට්ඨිය ථෙරාපදානය
’’නොයෙක් සුවඳ වර්‍ග රැස්කොට සෑයක් (චිතකයක්) කරනු ලබන කල්හි මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, සුවඳ මිටක් (මම සෑයට) පිදීමි.
’’මින් ලක්‍ෂයක්වන කකල්පයෙහි යම් චිතක පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමුට්ඨිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ගන්ධමුට්ඨියත්ථෙරස්සාපදානං ඡට්ඨං.