ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
38. බොධිවන්‍දක වග්ග
10. කාසුමාරිඵලදායක ථෙරාපදානය
’’කිණිහිරි රුකක් මෙන් බබළන්නාවූ කඳු, අතරෙහි වැඩහුන් කෙළෙස් රජස් විරහිත, ලොවට දෙටුවූ, නර ශ්‍රේෂ්ඨවූ බුදුරජුන් දුටිමි.
’’(දැක) පහන් සිත් ඇති, සොම්නස්වූ මම හිසෙහි ඇඳිලි බැඳ, කාසුමාරි ඵල (ඇත්දෙමට ගෙඩි) ගෙන බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
’’මින් එක් තිස්වෙනි කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියත් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කාසුමාරිඵලදායකත්ථෙරස්සාපදානං දසමං.
බොධිවන්දනවග්ගො අට්ඨතිංසතිමො.