ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
39. අවණ්ටඵලදායක වග්ග
4. පිලක්ඛ ඵලදායක ථෙරාපදානය
’’වනයෙහිදී මහත් කීර්ති ඇති අත්‍ථදස්සී බුදුන් දැක පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පුලිල ගෙඩි දුනිමි.
’’එක් දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිලක්ඛ ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පිලක්ඛඵලදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.