ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
39. අවණ්ටඵලදායක වග්ග
3. උදුම්බර ඵලදායක ථෙරාපදානය
’’චින්තා නදී තීරයෙහි පුරුෂෝත්තමවූ බුදුරජතෙම වැඩ විසූහ. (මම) සන්සුන්වූ, කෙළෙස් රජස් විරහිත , එකඟවූ බුදුරජුන් දිටිමි.
’’කෙළෙස් මල දෝනාවූ උන්වහන්සේ කෙරහි පහන් සිත් ඇත්තේ, මම දිඹුල් ගෙඩියක් ගෙන බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේට දුනිමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදුම්බරඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උදුම්බරඵලදායකත්ථෙරස්සාපදානං තතියං.