ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
39. අවණ්ටඵලදායක වග්ග
2. ලබුදජදදායක ථෙරාපදානය
’’එකල්හි මම බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. (එහිදි) අහසෙහි වඩින්නාවූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
’’(දැක) මම දෙල් ගෙඩි ගෙන බුදුරජුන්හට දුනිමි. මහත් යසස් ඇති සර්‍වඥ තෙම අහසෙහි වැඩ සිටියේම එය පිළිගත් සේක.
’’(එය) මාගේ සතුට උපදවන්නෙකි. මෙලොවෙහිදීම සුව එලවන්නෙකි. පැහැදි සිතින් (එම) ඵල බුදුරජුන්හට දී,
’’එකල්හි ප්‍රීතියද, මහත්වූ උතුම් ප්‍රීතියද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නාවූ තමන්හට රුවන් නිපදේමය.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුදජදදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ලබුජදායකත්ථෙරස්සාපදානං දුතියං.